Poster Competition

ENVI Twenty Seventeen – Poster Competition

This event will be segmented in to two categories as in school level and university level and the rules of the competition will be same for both. Winning poster will be awarded with a certificate along with other prices.

 

All the posters should be under the theme of Connecting People to Nature –  in the city and on the land, from the poles to the equator

Posters should be in 5*3 (feet) in size with orientation of portrait.

Two group categories for school level
(1st Group : Grade 9 – 11, 2nd Group : Grade 12 – 13)

Posters can be in print media, handmade or combination of both.

All the posters should be submitted to the Head, Department of Geography, University of Colombo, on or before 19th May 2017 by post or by hand.

All the posters should be submitted with the application* form certified by the Dean of the faculty or the Principal of the school.  (Download Application form)

Poster can be presented as a group or individual task.

One group or individual can only send two posters and if it is a group, number of the group members should be limited to maximum of 5 people.

 

ENVI Twenty Seventeen – පෝස්ටර් නිර්මාණ තරගය

මෙ‍ම තරගය පාසල් මට්ටමින් සහ විශ්වවිද්‍යාල මට්ටමින් පැවැත්වේ. තරග කොන්දේසි කණ්ඩායම් දෙක සඳහාම පොදුවේ ක්‍රියාත්මක වේ. ජයග්‍රාහී පෝස්ටර් නිර්මාණ සඳහා ත්‍යාග සහ සහතිකපත් ලබා දීම සිදු වේ.

 

  • තරග නිති සහ රෙගුලාසි

සියලුම නිර්මාණාත්මක පෝස්ටර් මෙවර පරිසර දින තේමාව වන සොබාදහමට මිනිසා යා කරමින් – නගරය තුල සහ භූමිය මත, ධ්‍රැවයේ සිට සමකය දක්වා” යන තේමාය යටතේ ඉදිරිපත් කළ යුතුය.

සියලුම නිර්මාණාත්මක පෝස්ටර් අඩි 5*3 (feet) ප්‍රමාණයෙන් සිරස් අතට නිර්මාණය කළ යුතුය..

කාණ්ඩ දෙකක් යටතේ පාසල් සිසුන්හට නිර්මාණාත්මක පෝස්ටර් ඉදිරිපත් කළ හැකිය.
(පළමු කාණ්ඩය : 9 – 11 ශ්‍රේණි, දෙවන කාණ්ඩය : 12 – 13 ශ්‍රේණි)

මුද්‍රිත මාද්‍යයෙන් හෝ දියසායම්/පැස්ටල්/පැන්සල්/පෑන් භාවිතා කර හෝ මෙම දෙවර්ගයේම සංකලනයක් ලෙස හෝ නිර්මාණාත්මකව ඉදිරිපත් ඉදිරිපත් කළ හැකිය.

සියලුම නිර්මාණාත්මක පෝස්ටර් අංශ ප්‍රධානී, භූගෝලවිද්‍යා දෙපාර්තමේන්තුව, කොළඹ විශ්වවිද්‍යාලය, යන ලිපිනයට 2017 මැයි මස 19 දින හෝ එදිනට පෙර ලැබෙන සේ තැපැල් මගින් එවීම හෝ පැමිණ භාර දිය යුතුය.

සියලුම නිර්මාණාත්මක පෝස්ටර් සමග සම්පූර්ණ කරන ලද අයදුම්පත * පීඨාධිපතිතුමන්, දෙපාර්තමේන්තු ප්‍රධානී හෝ විදුහල්පතිතුමන් මගින් සහතික කර එවිය යුතුය. (Download Application form)

තනිව හෝ කණ්ඩායම් වශයෙන් නිර්මාණාත්මක පෝස්‍ටර් ඉදිරිපත් කළ හැකිය.

එක් කණ්ඩායමකට හෝ තනි තරගකරුවකු හට නිර්මාණාත්මක පෝස්ටර් දෙකක් (2) උපරිම ලෙස ඉදිරිපත් කිරීමේ හැකියාව ඇත. එක් කණ්ඩායමක් සඳහා උපරිම සහභාගී විය හැකි සාමාජිකයන් සංඛ්‍යාව 5ක් පමණි.